by Staff writer 02-09-2020 | 4:55 PM
COLOMBO ( News 1st ) : ජනතාව භූක්ති විදිමින් සිටින ගැටලු නැති ඉඩම් සඳහා මාස 3 ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා ඔවුන්ට පෙන්වා දී ඇත්තේ ඉඩම් ඔප්පු නොතිබීම පිළිබඳව දිවයින පුරා චාරිකා කළ තමාට දිස්ත්‍රික්ක රැසකම ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටලුවක් බවයි.
අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ඉඩම් කළමනාකරණ කටයුතු , රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ කරුණු අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
එහිදී ජනාධිපතිතුමා පෙන්වා දී ඇත්තේ පරම්පරා ගණනක් පදිංචිව සිටිය ද , වගා කටයුතු කළ ද ඔප්පු නොමැතිවීමෙන් ඇතැම් පිරිස් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.
ප්‍රශ්නය විසදීමට රටට හා ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන ආකාරයට ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනය විය යුතු යැයිද, ජනාධිපතිවරයා සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.
එමෙන්ම ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් වගාවට නොගත් ඉඩම් සුදුසු වගාවන් සඳහා භාවිත කිරීමේ වැදගත්කම ඇති බවයි.
ඒ අනුව ඒවා තරුණ ව්‍යවසායකයින්ට බදු දීමෙන් ජාතික ආර්ථිකයට දායක කර ගත හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ සරල කොන්දේසිවලට යටත්ව ඉඩම්වල නිරවුල්භාවය දීමට පියවර ගන්නා ලෙසයි.
අනුමැතිය සඳහා රාජ්‍ය ආයතනයකට යොමු කෙරෙන ඉල්ලීමකට දින 14 ක් ඇතුලත පිළිතුරුදීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය යාන්ත්‍රණය තුළ සකස් වියයුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ ය.