by Staff writer 02-09-2020 | 7:12 PM
COLOMBO ( News 1st ) : උපාධිධාරීන් 51,177 ක් අද රාජ්‍ය සේවයට එක්වුණි.
එය සංඛේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් පිරිනැමීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදුවුණි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මෙම පත්වීම් පිරිනැමීම වෙනුවෙන් විනාඩි 25 කට සීමාවූ සරල උත්සවයක් පැවැත් වූ බවයි.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිසි රට වෙනුවෙන් වැඩ සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000 ක් රජයේ රැකියා සඳහා බදවා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මකයි.
අද බඳවා ගත් පිරිසෙන් 38,760 ක් කාන්තාවන් ය.
නායකත්ව කුසලතා සහ ආකල්ප පුහුණුවකින් පසුව මොවුන් විවිධ ක්ෂේත්‍ර වෙත යොමු කිරීමට නියමිත ය.
සංවර්ධන ක්‍රියාදාමයට සක්‍රීයව දායක වන්නැයි පත්වීම් පිරිනැමීමේ උත්සවයට සහභාගී වූ ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේ ය.