පහළ වායු ගෝලයේ කැළඹීමක්..

පහළ වායු ගෝලයේ කැළඹීමක්: පවතින වැසි තත්ත්වය තවදුරටත්

by Staff writer 02-09-2020 | 7:00 AM

COLOMBO (News 1st) :  දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි. මේ අතර, අධික වැසි සමග ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඊයේ උදෑසන 8.30 සිට අද අලුයම 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රදේශයට ය. එම අගය මිලිමීටර් 286.5 කි. කළුතර දිස්ත්‍රික්කයේ කෙසෙල්හේනව ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 245.5 ක් ලෙස සටහන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.