by Staff writer 01-09-2020 | 9:36 PM
COLOMBO (News 1st) : හිටපු ඉන්දීය ජනාධිපති අභාවප්‍රාප්ත ප්‍රනාබ් මුකර්ජි මහතාට පිං පැමිණවීමේ වැඩසටහනක් අද දහවල් මරදාන අග්‍රශ්‍රාවක මහා විහාරයේදී පැවැත්විය.
ඒ, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ය.
මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද පැමිණ සිටියහ.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමි
ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මැතිතුමාගේ අභාවය අපිට ලොකු පාඩුවක්. ඒ වගේම ඔහු ශ්‍රී ලංකාවේ හිතවතෙක්. විශේෂ පූජාවක් පැවැත්වූවා එතුමාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා. මම ප්‍රාර්ථනා කරනවා ඔහුට නිවන් සුව අත් වේවා කියලා.
මේ අතර අභාවප්‍රාප්ත ප්‍රනාබ් මුකර්ජි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව අද නවදිල්ලි නුවරදී සිදුකෙරුණි.
අභාවප්‍රාප්ත වනවිට 84 වන වියේ පසුවූ හිටපු ඉන්දීය ජනාධිපතිවරයා මොළයේ සිදු කළ සැත්කමකින් දින කිහිපයකට පසුව COVID-19 වෛසරසය ආසාදනයට ලක්ව තිබුණි.