by Staff writer 01-09-2020 | 5:20 PM
COLOMBO (News 1st) : විදෙස් රටවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන ලබා ගෙන තිබේ.
මේ අතර අපරාධ කල්ලි සාමාජිකයින්ට අයත් බස්නාහිර පළාතේ රුපියල් මිලියන 4,000 කට අධික වටිනාකමින් යුත් පර්චස් 900 කට අධික ඉඩම් රාජසන්තක කිරීම සඳහා පියවර ගෙන තිබේ.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මොවුන්ට අයත් බැංකු ගිණුම් 102 ක රුපියල් ලක්ෂ 960 ක මුදලක් රාජසන්තක කිරීමට ද කටයුතු කර ගෙන යන බවයි.