මිනුවන්ගොඩ හෝටලයක හදිසි වැටලීමක්

මිනුවන්ගොඩ හෝටලයකින් නීති විරෝධී භාණ්ඩ තොගයක් සමග සිව් දෙනෙකු කොටු

by Staff writer 01-09-2020 | 4:06 PM

COLOMBO (News 1st) : මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, බෝතියාවත්ත ප්‍රදේශයේ හෝටලයක් වටලා නීති විරෝධී භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ , අදාළ හෝටලය තුළ ගණිකා ව්‍යාපාරයක් සිදු කර ගෙන යන බවට ලද තොරතුරක් මත වැටලීම කළ බවයි. වැටලීමේදී ගණිකා ව්‍යාපාරයේ යෙදුණු බවට සැකපිට කාන්තාවන් දෙදෙනෙකු, හෝටලයේ හිමිකරු සහ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, හෝටලය තුළ වැඩිදුරටත් කළ සෝදිසි කිරීම්වලදී හිමිකරුගේ කාර්යාලයෙන් ගජමුතු 5 ක්, කස්තුරි කොටසක්, වාලම්පුරි 5 ක්, දඹ රන් බුදු පිළිම 3 ක්, මැණික් ගල් 36 ක්, මැණික් ගල් එබ්බවූ කඩුවක්, හැඳුනුම්පත් දෙකක්, රබර් සීල් 8 ක් සහ මුදලින් රුපියල් 55,000 ක් ඇතුළු නීති විරෝධිව ළඟ තබා ගත් භාණ්ඩ රැසක් තම භාරයට ගත් බවයි. සැකකරුවන් මිනුවන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.