COLOMBO (News 1st) : භික්ෂුණී ශාසනය ආරම්භ වූ බිනර පොහොය අදයි.
අදත් දිවයින පුරා වෙහෙර විහාරස්ථාවනවල පොහෝදින විවිධ වැඩ සටහන් සංවිධානය කර තිබුණි.
බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500 ක් කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද වැනි පුර පසලොස්වක දිනක ය.
එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත්වීම මත බුදුන්වහන්සේ විසින් භික්ෂුණීන් පිළිපැදිය යුතු ගරු ධර්ම 08ක් පනවමින් ඊට අවසර දුන්හ.
සද්ධර් මරත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත් වහන්සේ වැනි සම්භාව්‍ය ගණයට ගැනෙන ධර්ම ග්‍රන්ථ රැසක් බිනර මාසයේ ලියවුණ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.
මහියංගන රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි
කාන්තාව විමුක්තිය ලබා දුන්න වැදගත්ම දිනය අද දිනය. මහා ප්‍රජාපතී ගෝතමීට දීර්ඝ කාලයක් පැවිද්ද ඉල්ලලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ එතුමියට පැවිදිවීමට අවසර දීම, එතුමිය පැවිදි දිවියට පත්වීම අද වගේ පුර පසළොස්වක් පෝ දිනයක සිද්ධ වුණේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා වඩම්මවාගෙන ගොස් තපස්සු - භල්ලුක කියන වෙළෙඳ දෙබෑයන් ගිරිහඬු සෑය චෛත්‍යයක් නිර්මාණය කරලා චෛත්‍යය කේෂ ධාතූන් වහන්සේලා නිදන් කිරීමත් සිද්ධ වුණේ අද වගේ පුර පසළොස්වක් පෝ දිනක. මේ වැදගත් පුර පසළොස්වක් පොහෝ දවස තමයි ඓතිහාසික මහියංගණ රාජමහා විහාරස්ථානයත් ශ්‍රී සුමන සමන් දේවාලයත් ඒකාබද්ධ වාර්ෂිකව පවත්වනු ලබන පෙරහර මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහැර සිද්ධ වෙන්නේ අද දවසේදී.
මහියංගන රාජමහා විහාරය සහ මහියංගනය සුමන සමන් දේවාලය ඒකාබද්ධව පවත්වන පෙරහැර මංගල්‍ය අද රාත්‍රියෙන් අවසන් වේ.
මෙවර පෙරහැර පැවැත්වෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ ජනතා සහභාගීත්වයෙන් තොරවයි.
සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිට පිහිටි ශ්‍රී ශාක්‍ය මාලකයේ අද දහවල් සම්බුද්ධ පූජාව පැවැත්වුණි.
මෙවර ඊට අනුග්‍රහය දැක්වූයේ හාක්‍රොස් කෙමිකල් පුද්ගලික සමාගමයි.
සම්බුද්ධ පූජාව පැවැත්වූයේ හුණුපිටිය , ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ය.