by Staff writer 01-09-2020 | 9:58 PM
COLOMBO ( News 1st ) : ඔබේ හඬට ඇහුම්කන් දෙන ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් අදත් දිස්ත්‍රික්ක 3 ක සංචාරය කළේ ය .
යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ගමින් ගම යන ගම්මැද්ද කණ්ඩායම ජනතාව හමුවට ගියේ කණ්ඩායම් 2 ක් ලෙසටයි.
ඉන් එක් කණ්ඩායමක් පෙල්ලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ගම්මාන කිහිපයක ජනතාව හමුවුය.
යුද සමයේ දැඩි පීඩා විදි ඔවුන් අපිට කිව්වේ ඉඩම් පිළිබඳ ගැටලු ,පානීය ජල ගැටලු, ප්‍රවාහන පහසුකම්, රැකියා පිළිබඳ ගැටලුවලින් තමන් මේ වනවිටත් පීඩා විදිමින් සිටින බවයි.
යාපනයේ සිටින තවත් ගම්මැද්ද කණ්ඩායමක් පුත්තුර් දකුණ ප්‍රදේශයේ ජනතාව මුණ ගැහුණි.
බේරුවල , කන්කානන්ගොඩ ඩයස්වත්ත ජනතාවගේ අදෝනාව අපිට ඇහුණේ කළුතර දිස්ත්‍රික්කයේ සංචාරය කරන අතරතුරයි.
බොන්න වතුර,ප්‍රවේශ මාර්ග ඇතුළු යටිතල පහසුකම් කිසිවක් ඩයස්වත්තේ ජනතාවට නැහැ.
ගමේ ජීවත්වෙන 60 දෙනෙකුට පමණ තියෙන්නේ වැසිකිළි 03 කි.
කන්දක් උඩ දිවි ගෙවන ගොඩඋඩහේන ඉහළ කොටස ප්‍රදේශයේ පවුල් 25 කට ආසන්න පිරිසකුත් පානීය ජලය හිඟකමින් පීඩා විදී.
කළුතර , වතුමුල්ල , බෝපිටිය බෝගහවත්ත ඇතුළු ගම්මානවල සංචාරය කළ අපේ කණ්ඩායම්වලට මේ ජනතාවගෙන් ඇහුණේ ඒ ගම්මාන මැදින් ගලන ඔයක ප්‍රශ්නයක් ය.
මාතලේ , ඕපල්ගම ජනතාවට උපන්දා සිට තියෙන්නේ පානීය ජල ගැටලුවකි.
ඇළකින් බට යොදා පානීය ජලය සපය ගන්න උත්සහා කළත් නලවලින් එන්නේ කිවුල් වතුර ය.
ඇළ හිඳුණුදාට ඕපල්ගමට කිවුල් වතුරත් නැහැ.
සේනගම ගම්මානයේ ජනතාව මුහුණ දෙන ගැටලුව ඊට වෙනස් ය.
ගොවිතැනින් ජීවත්වෙන ඔවුන් වී වගා කළාම මුලින්ම මොනරු හානි කරයි.
ඊට පස්සේ රිලවුන්ගෙන්ද හානි වේ.
අස්වැන්න පීදිගෙන එද්දී අලින්ගෙනුත් මේ ජනතාවට අලි කරදරේ.
මෙවැනිම ජනතා ගැටලු සොයා හෙටත් අපි දිස්ත්‍රික්ක 3 ක සංචාරය කිරීමට බලාපොරොත්තු වේ.