විදෙස් රටවල සිට පැමිණි තවත් 37 කට කොරෝනා

විදෙස් රටවල සිට පැමිණි තවත් 37 කට කොරෝනා

by Staff writer 01-09-2020 | 6:22 AM
COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3049 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ තවත් ආසාදිතයින් 37 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිරෝධායනයට ලක්වෙමින් සිටින ඉන්දියානු ජාතික නාවිකයින් තිදෙනෙක්, එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් සහ කටාර් සිට පැමිණි පුද්ගලයෙක් 32 කු නව ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 169 කි. සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2868 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය.