by Staff writer 01-09-2020 | 10:23 AM
COLOMBO (News 1st) : චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, එම දුම්රිය ධාවනයේදී පවතින තිරිංග දෝෂ හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් ව තිබේ.
මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතාගෙන් නිවුස්ෆස්ට් විමසීමක් කළේ ය.
ඔහු පැවසුවේ, දෝෂ පවතින බව කියන අදාළ මැදිරි වෙනුවට වෙනත් මැදිරි යෙදවීමට කටයුතු කරමින් සිටින බවයි.
දුම්රිය එන්ජින් රියැදුරන් ආරම්භ කළ මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයත් සමග දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා ද...?
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, චීන මැදිරි සහිත දුම්රිය වෙනුවට වෙනත් මැදිරි සහිත දුම්රිය ධාවනයට එක් කළ බවයි.
ඒ හේතුවෙන්, කිසිදු දුම්රියක් අවලංගු නොවු බව ද පාලක මැදිරිය සඳහන් කළේ ය.