19 සංශෝධනය ගැන විවිධ මත

19 සංශෝධනය ගැන විවිධ මත - ඇත්තටම සිදුවන්නේ කුමක් ද?

by Staff writer 31-08-2020 | 6:18 PM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ දිනවල පවතින සංවාදය දැන් විවිධ පැති ඔස්සේ, සාකච්ඡාවට බඳුන් වෙමින් පවතීයි. පිරිසක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස්කල යුතු බව පවසද්දී, තව පිරිසක් පසුවන්නේ,  පූර්ණ ව්‍යවස්ථා වෙනසක් සිදුවිය යුතුය යන මතයකයි. ආණ්ඩුව තුළම මෙම මත දෙකම දරණ පිරිස සිටීම විශේෂත්වයක්.

ඇත්තටම ව්‍යවස්ථා සංශෝධනයට  සිදු වන්නේ කුමක් ද?

විමල් වීරවංශ මහතා ව්‍යවස්ථා සංශෝධනය ගැන ඊයේ (30) පැහැදිලි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සම්පූර්ණ ව්‍යවස්ථා වෙනසක් සිදුකල යුතු බවයි.
" ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අගමැතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා 19 වන සංශෝධනය තිබ්බත් ඒ දෙන්නා අතර අවුලක් ඇති වෙන්නෙ නෑ.+++මම නම් හිතන්නේ 19 සංශෝධනය කරනවාට වඩා අද වැදගත්ම දේ වෙලා තියෙන්නෙ, මේ තුනෙන් දෙකේ ජන වරමේ ආනුභාවයෙන් 78 ඉදන් මේ රටේ රෙපෙයාර් කර කර අටවාගෙන ඇවිල්ලා තියෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒක වඩා නව අන්තර්ගතයක් නව ව්‍යවස්ථාවක් යටතට මේ රට ගේන එක."  -  විමල් වීරවංශ (කර්මාන්ත අමාත්‍ය)
මේ අතර, ඊයේ (30) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා ප්‍රකාශ මෙවන් අදහසක්.
" කවුරුහරි උත්සාහ කරනවා නම් දහනම වන සංශෝධනය අහෝසි කිරීම වෙනස් කිරීමට ඒක ජාතිද්‍රෝහී වැඩපිළිවෙළක් ඒකට විරුද්ධ වන සියලු දෙනාම පෙළගැසෙන්න ඕනේ එහෙම නැත්නම් මේ රටේ මානව අයිතිවාසිකම් වලට ප්‍රජාතන්ත්‍රවාදයට පාර්ලිමේන්තුව වැනි ආයතන වලට මරු පහරක් එල්ල වෙනවා කියලා ඉතාමත් ආවේගශීලි වැඩ පිළිවෙළක් යම් යම් තැන්වල දියත් කෙරිලා තියෙනවා.මේ කතාව සම්පූර්ණයෙන් මිත්‍යාවක්.අපි බලයට බය වෙන්න හොඳ නැහැ.බලය නැතිව රටක් සංවර්ධනය කරන්න බැහැ. බලන්න ඉක්මනින් සංවර්ධනය වෙච්ච රටවල්- මහාචාර්ය ජී. එල් පීරිස්  (අධ්‍යාපන අමාත්‍ය)
එසේම විවිද පාර්ශව මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේය.
" ජේ.ආර් ජයවර්ධන කියන ඒකාධිපති ජනාධිපතිවරයා කරපු දේවල් ගැන හිතනකොට අපි බය වෙන්න ඕන නැද්ද? අර අසූ තුන කියන කළු ජූලියක් නිර්මාණය කරලා සිංහල ජාතියට දෙදාස් පන්සිය වසරක නොතිබිච්ච කළු පැල්ලමක් නිර්මාණය කරපු එක මදිද භය වෙන්න.ඔබතුමාම කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නොවැම්බර් 16 පත් වුණායින් පස්සේ කොවිඩ් වසංගතය හමුවේ, පාතාලය හමුවේ, විවිධාකාර වූ තියෙන ත්‍රස්ථ තර්ජන හමුවේ කොයි තරම් උදාර ලෙස නායකත්වයක් දුන්නද කියලා. ඒත් එහෙම නම් මේ 19 වැනි සංශෝධනය තියෙද්දිත්. ඒ අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක තියා බහුතරයවත් නොතියෙද්දි.එහෙම නම් අපිට 19 විතරක් විශේෂ කරලා ගන්න විශේෂ හේතුවක් තියෙනවද? එක මව්බිමට එක නීතියක්.නීති සම්පාදනය කරන පලාත් සභා 9ක් තියාගෙන පුළුවන්ද අපිට එක නීතියක් ගැන සිහින දකින්න.ඒක භයානක නැද්ද? මේ 19 තියාගෙන රට අවුලක් නොවී පාලනය කරන්න නම් මේ සහෝදරවරු දෙන්නව අගමැතියි ජනාධිපතියි කරන්න කියලා නැත්නම් රට බේරා ගන්න බෑ කියලා. එතකොට ජනතාවට ඒක අනුමත කරලා තියෙද්දී අපි කලබල වෙන්න ඕනේ නෑ."-  ගෙවිදු කුමාරතුංග - පා.ම.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
"13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හිතන්න වෙනවා  ඒ වගේම භාෂාව සම්බන්ධයෙන් 16 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන හිතන්න වෙනවා ඒ වගේම 19 ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාව ගැන හිතන්න වෙනවා.  මම පෞද්ගලිකව පසුගිය ජනාධිපති සමයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සදහන් කරලා තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වගන්තියේ තියන සංශෝධනය අපේ රටට ගැලපෙන්නේ නෑ ඒක හදිස්යේ ඇතිකරගත් දෙයක් රටේ බලපෑමක් පිට ඒ නිසා මේක වෙනස්විය යුතුයි කියන කාරණය සිහිපත් කළා නමුත් ඒක සිද්ධවුනේ නෑ අපි දකින දේ තමයි යම් කිසි රජයකට බලයක් ලැබුනාම බලය තියන අවස්ථාවේ අපට අවශ්‍ය දේවල් කරගන්න ඕන." - අතිපුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි - මහා ලේඛකාධිකාරි (සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවය)
" 19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සංශෝදනය විය යුතු අතර ඒය අහෝසි කළ යුතුයි කියන අදහසකම හැම කෙනෙක්ම නොමැති බව මේ වේලාවේ සදහන් කරන්න කැමතියි. සංවාදාත්මකව තීරණ ගැනීම තුළ ඉතාමත් සාර්තකභාවයක් උදාකරගන්න පුලුවන්.සංවාදේහෝ මහාරාජ.. සීලං ඒහිතබ්බං පඥ්ඤාහිතබ්බං  බුද්ධ දේශනාව- අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි (සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක)
19 වැනි ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව පුර්ණ වශයෙන්ම ඉවත් කරනවාද නැතිනම් සංශෝධනය කරනවාද යනුවෙන්මා ධ්‍යවේදීන් කළ විමසීමක දී, වාසුදේව නානයක්කාර මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්.
" ඒක දැනගන්න පුලුවන්  අනිද්දා කැබිනට් මණඩලයට ගිහයාම එදාට කෙටුම්පත අපිට දකින්න පුලුවන් ඒ කෙටුම්පත දැක්කට පසසේ අපිට කියන්න පුලුවන්  සම්පුර්ණ ඉවත් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේ ව්‍යවස්ථාව අපි මුල ඉදලාම ප්‍රතික්ෂේප කරපු ව්‍යවස්ථාවක් මේ ව්‍යස්ථාව තුල තියෙන ඡන්ද ක්‍රමය ව්‍යවස්ථාවේ තියෙන පාලන බල ව්‍යුහය ඊලගට ආණ්ඩු පාලනයේ ක්‍රියාකාරිත්වය පැවරි තිබෙන ආකාරය හැම එකක්ම යම් වෙනසකට ගෙනියන්න වෙයි වැඩි කාර්යක්ෂමතාවයක යන්න."- ජල සම්පාදන අමාත්‍ය  වාසුදේව නානායක්කාර
සමගි බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර
" බැසිල් රාජපක්ෂ මහත්මයාව පාර්ලිමේන්තුට ගේන්නද මේ විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සංශෝධනය කරන්නේ ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන මහත්මයාට තනතුරු ඇතිකරන්නද විසි වෙනි සංශෝධනයක් කරන්නේ අපි අහනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන පුද්ගලයෝ ඉලක්ක කරගෙන නෙවෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන රටේ ජනතාවගේ අයිතිය ශක්තිමත් කරන්න+++මේ රටේ ස්වාධින කොමිසන් සභා නැතිකරලා මේ රටේ එක පවුලක් පාලනය කිරීමේ ක්‍රමයට තහයි මේ එන්න යන්නේ " රංජිත් මද්දුමබණ්ඩාර - මහලේකම් (සමගි ජන බලවේගය)  
https://www.youtube.com/watch?v=ZdneUWAi-6A