වෙබ් මාධ්‍යවෙදියෙකු වන චතුරංග ද අල්විස් අත්අඩංගුවට

වෙබ් මාධ්‍යවෙදියෙකු වන ඩෙස්මන් චතුරංග ද අල්විස් CID අත්අඩංගුවට

by Staff writer 31-08-2020 | 7:32 PM
වෙබ් මාධ්‍යවෙදියෙකු වන ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පස්වරුවේ ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුවේ ඔහු පදිංචිව සිටි නිවසේදීයි. අල්විස් මහතාට අයත් පරිගණක යන්ත්‍ර හා ජංගම දුරකතනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන ඇත අධිකරණයට හා අධිකරණ ධූරාවලියට අපහාස හා බාධාවන අයුරින් පුවත් පලකළ බවට චෝදනා කරමින් ඔහු අත්අඩංගුවට ගත් බව ඔහුගේ බිරිද සදහන් කලාය.   https://youtu.be/s19ZCW5PawU