by Staff writer 31-08-2020 | 4:09 PM
COLOMBO (News 1st): මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි බව, නීතිපතිවරයා සිය මතය දක්වමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහ අධිකරණ අමාත්‍යාංශයට දන්වා තිබේ.
මෙවර මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළ ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම සඳහා මීළඟ පාර්ලිමේන්තු සභා වාරයට රැගෙන එන්නැයි පසුගියදා කතානායකවරායා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ද දැනුම් දුන්නේය.
ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය පසුගිය ජුලි 31වැනිදා මරණ දඬුවම ලබා දුන්නේය.
ඒ 2015 ජනාධිපතිවරණයට අදාළව කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරණ රැළියකට හානි කර, පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනාවලට වරදකරුවන් කරමිනි.
මරණ දඩුවම නියම වූ අනෙක් පුද්ගලයින් වන්නේ කහවත්ත ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රි නිලන්ත ජයකොඩි යන අයයි.