ගල්කිස්ස අ.වි.හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්

ගල්කිස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට වැඩ තහනමක්

by Nadeeshan Meedin 31-08-2020 | 10:39 PM
ගල්කිස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම්කර ඇත. ඒ, සංවිධානත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමග සබඳතා පවත්වමින්, අපකීර්තිදායක ලෙස හැසිරෙමින් දූෂිත ක්‍රියාවන්හි යෙදී ඇති බවට විමර්ශනයකදී අනාවරණය වීම හේතුවෙන්. පොලීසිය පැවසුවේ, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පවත්වන ලද විමර්ශනයකදී මේබව ආනාවරණය වී ඇති බවයි. ඒ අනුව බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ.