by Staff writer 31-08-2020 | 3:35 PM
COLOMBO (News 1st) : අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් ටී එස්පර් මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ(30) දුරකතන සංවාදයක නිරත වූ බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඔවුන් නිකුත් කළ නිවේදනය දැක්වුණේ, සියලු ජාතීන්ගේ ස්වෛරීත්වය ආරක්ෂා වන අයුරින් නිදහස් හා විවෘත ඉන්දු - පැසිෆික් ප්‍රතිපත්තිය වෙනුවෙන් ඇති කැපවීම පිළිබඳව දෙදෙනා අතර අදහස් හුවමාරු වූ බවයි.
පොදු ද්විපාර්ශ්වික ආරක්ෂක ප්‍රමුඛතා පිළිබඳව එහිදී අවධානය යොමුකර ඇති අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සන්නද්ධ හමුදා වෘත්තීමයභාවය, ත්‍රස්ත මර්දනය හා නාවුක ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවධානය යොමුකර තිබේ.
ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම හා අනෝන්‍යය අවබෝධයෙන් කටයුතු කිරීමට ඇති කැපවීම දෙපාර්ශවය විසින්ම පෙන්නුම් කළ බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
කොව්ඩ් 19 ට මුහුණ දීමේදී අත්කර ගත් සාර්ථකත්වය සහ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ද අමෙරිකානු ආරක්ෂක ලේකම් ආචාර්ය මාර්ක් ටී එස්පර් මහතා මෙම දුරකතන සංවාදයේදී ජනාධිපතිවරයාට සුබපතා ඇත.
අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, මෙරට සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් අඛණ්ඩ ප්‍රගතියක් අපෙක්ෂා කරන බවයි.
https://youtu.be/KalBAqYMKtQ