COLOMBO (News 1st) : මෝටර් රථයක ගැටීමෙන් අස්ගිරි මහා විහාරයේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළෙකු අද පෙරවරුවේ බරපතල තුවාල ලැබුවේ ය.
පොලීසිය පැවසුවේ, වේගය පාලනය කරගත නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අදාළ මොටර් රථයේ ගැටීමෙන් තුවාල ලැබුවේ අස්ගිරි මහා විහාරයේ ආරක්ෂාවට යොදවා සිටි රයිෆල් බලකායේ සෙබෙළෙකි.
අනතුරින් විහාරස්ථානයේ ප්‍රධාන දොරටුවට ද හානි සිදුව තිබුණි.
අප වාර්තාකරු මෝටර් රථයේ වේගය පාලනය කරගත නොහැකි වී අනතුර සිදුව ඇති බවය.
මෝටර් රථය පැදවූ පුද්ගලයා -
ඇවිල්ලා ස්ලෝ කරා. ඇවිල්ලා ස්ලෝ කරලා මට හිතාගන්න බැරි විදියට වාහනේ ස්පීඩ් එක වැඩි වුණා. හෙනම ස්පීඩ් වුණා එක පාරටම.
පොලිස් නිලධාරියා -
බ්‍රේක් කළේ නෑ?
මෝටර් රථය පැදවූ පුද්ගලයා -
බ්‍රේක් කළාට මුකුත් ඇල්ලුවේ නෑ
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියැදුරු මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූ යුද හමුදා සෙබලා මහනුවර ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි.