එංගලන්ත තරුණියකට අතවර කරන්න හැදූ අයෙකු දැලේ

මිදිගම නවාතැන්පොළකදී එංගලන්ත තරුණියකට අතවර කරන්න ගිය පුද්ගලයෙකුට වැඩ වරදී

by Staff writer 30-08-2020 | 9:48 PM

COLOMBO (News 1st) : මාතර, වැලිගම, මිදිගම සංචාරක කලාපයේ නවාතැන්ගෙන සිටි එංගලන්ත ජාතික තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එංගලන්ත ජාතික තරුණිය සිටි නවාතැන්පොළේ සවිකර තිබූ CCTV කැමරාවල අදාළ පුද්ගලයා එම ස්ථානයට ඇතුළුවන අයුරු සටහන්ව තිබුණි. මෙම පුද්ගලයා මුදල් ද සොරකම් කර ඇතැයි පොලීසිය පැවසුවේ ය. ඔහු පැයකට ආසන්න කාලයක් නිවසේ සිට ඇති අතර අනතුරුව විදේශීය තරුණිය සිටි කාමරයට ඇතුළු වී තිබේ. පොලීසිය පැවසුවේ මේ අවස්ථාවේ විදේශීය තරුණිය පමණක් නිවසේ සිට ඇති බවයි. CCTV දර්ශන ඔස්සේ පුද්ගලයා හඳුනා ගැනීමට හැකි වී තිබෙන අතර ඔහු ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ. එංගලන්ත ජාතික තරුණියගේ මිතුරියක් -
මේ පුද්ගලයා ඒ වෙලාවේ නිවස තුළට ඇවිල්ලා පැයක පමණ කාලයක් මෙහි ඉදලා තියනවා. මගේ යාලුවාගේ මුදල් හොරකම් කරන්නත් උත්සාහ කරලා තියනවා. පසුව නිරුවතින් මගේ යාලුවාගේ කාමරයට ඇතුළු වෙලා. අපි හැමවෙලේම මෙහේ එන්නේ ශ්‍රී ලංකාවට උදව් කරන්න. අපි පොලීසියට ගියා. ඔවුන් ඒ පුද්ගලයාව සොයා ගත්තා. අපි බලාපොරොත්තු වෙනවා ඔහුට නිසි දඬුවම් ලැබෙයි කියලා. ඒ වෙච්ච දේ හරිම නරකයි .
අත්අඩංගුවට ගෙන ඇත්තේ මිදිගම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.