COLOMBO (News 1st) : මහනුවර, ගුරුදෙණිය හා රජවැල්ල යන ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ රාත්‍රී පොළොවේ ඇති වූ දෙදරීමට ස්වාභාවික නොවන හේතුවක් බලපා ඇතැයි සැකකරන බව භූ විද්‍යාඥයින් පවසයි.
කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කළ යුතු බවයි.
මෙම දෙදරීම දැනුණ ගුරුදෙණිය හා රජවැල්ල මහවැලි ගඟේ දෙපස රේඛීයව පිහිටා තිබේ.
වික්ටෝරියා ජලාශය ද මෙම ප්‍රදේශවලට රේඛීයව කිලෝ මීටර් 12 ත් 10 ත් අතර දුරකින් පිහිටා තිබෙනු දැකිය හැකිය.
ජනතාව අදහස් -
8.25ට වගේ ලොකු ශබ්දයක් ආවා ඒත් එක්කම පොළොව හෙල්ලුණා. අපි ඔක්කොම බයවෙලා හිටියා.
ලොකු ශබ්දයක් ආවා . මෙම ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයත් තියනවා අපි ඒ බියට තමයි හුඟක්ම පත්වුණේ
අපි ඉස්සල්ලා හිතුවේ බෝම්බයක් වෙන්න ඇති කියලා
බෝම්බයක් ගහනවා වගේ ලොකු සද්දයක් ආවා දීන් ගාලා ගෙවල්වල දොරවල් ජනෙල් එහෙම පොඩ්ඩක් හෙල්ලිලා ඒ කරලා පොළොව යටින් පල්ලැහැ පැත්තට ගියා ඒ සද්දේ එක විනාඩියක් ඇතුළත ඔක්කොම සද්දේ ඉවර වුණා.
ඔක්කොම ඉරි ගිහිල්ලා මං හිතුවේ බ්ලාස්ට් එකක් කියලා මොකක්ද කියලා දන්නේ නෑනේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා
මේ ගැන අපි සොයා බැලුවා. ඇත්තටම ඒ මොහොතේ ලෝකයේ කිසියම් ප්රදේශයකවත් භූමිකම්පාවක් බරපතල තත්ත්වයේ භූමිකම්පාවක් සිදු වෙලා නැහැ. බොහෝ කාලෙකට ඉස්සරලත් මේ වගේ දෙදරීම් ඇතිවුණා හැබැයි ඒ අධික වර්ෂාපතනයකට පස්සේ මේ කලාපයේ තියන ජලාශ වතුරින් පිරුණට පස්සේ මෙවැනි දෙදිරීම් සටහන් වුණා. ඒ පිරිම් අපි විශ්වාස කරලා ජලාශවල පිරෙන ජලය නිසා අධික පීඩනය අධික බර දරා ගැනීමට අපහසු නිසා ඇතිවන පාෂාණ තට්ටුවල දෙදිරීමක් විදිහට නමුත් මේ අවස්ථාවේ ජලාශවල එහෙම තත්ත්වයකුත් නැහැ. ඒ නිසා ජලාශත් එක්ක මේක සම්බන්ධ කරන්න අමාරුයි . අපට විශ්වාස කරන්න වෙනවා මෙය වෙනත් ආකාරයක දෙදිරීමක් කියලා .
මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ උදය ද සිල්වා මහතා
අපේ තියනවා භූමිකම්පා මධ්‍යස්ථාන හතරක්. පල්ලේකැලේ ප්රදේශයෙත් ඒ වගේම මිහින්තලේට ආසන්නයෙන් තියන මහකනදරාව ප්රදේශයෙත් මාතර, හක්මන ප්‍රදේශයේත් අම්පාරේ බුද්ධංගල ප්රදේශයෙත් 4ක් තිබෙනවා. මොනවා හරි භුමිකම්පාවක් ඒ කියන්නේ තලගැටීම් සම්බන්ධයෙන් භුමිකම්පාවක් ඇති වුණොතින් ඔය මධ්‍යස්ථාන හතරෙම ඒක රෙකෝඩ් වෙනවා. නමුත් ඊයේ ඇතිවුණ සිද්ධිය රෙකෝඩ් වෙලා තියෙන්නේ ඉතාම සුළු සටහන් විදිහට පල්ලේකැලේ මධ්‍යස්ථානයෙන් පමණයි . ඉතිං ඒකෙන් අපි දැන ගන්නවා. අනිවාර්යෙන්ම මේක තල සම්බන්ධයෙන් ස්වාභාවික භුමිකම්පාවක් නෙවෙයි. මොනා හරි සිද්ධියක් වුණාම ඒකේ නාභිය හොයාගන්න පුළුවන් හතරෙන්ම ආවා නම් . කොහොමත් සටහන් වෙලා තිබුණේ නෑ. අපි සූම් කරලා බලලා තමයි හොයාගත්තේ .
මෙම සිදුවීම සොයා බැලීමට පත්කළ පරීක්ෂණ කමිටුව අනුමාන කරන්නේ මේ තත්ත්වයට කරුණු තුනක් හේතුවිය හැකි බවයි.
1.ගල් කොරියක බෝර දැමීමේදී ඇති වු අධි කම්පන තත්ත්වයක්
2. හුණු ගල් ස්ථර කඩා වැටීමක්
3. නැතහොත් ජලාශයක අධි ජල තෙරපුමක්
මේ දෙදරීමට හේතුවිය හැකි බව ඔවුන්ගේ මතය වී තිබේ.
කෙසේ වෙතත් එය නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා භූ කම්පන විද්‍යාඥයින් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිට අදාළ ප්‍රදේශව නිරීක්ෂණය කරමින් සිටී.