චීනයේ අවන්හලක් කඩා වැටීමෙන් 17ක් මරුට

චීනයේ අවන්හලක් කඩා වැටීමෙන් 17ක් මරුට

by Staff writer 30-08-2020 | 9:17 AM
COLOMBO (News 1st): චීනයේ අවන්හලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ . චීන මාධ්‍ය වාර්තා කළේ, සුන්බුන්වලට සිරව සිටි පුද්ගලයින්ගෙන් 28 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවය . මෙම ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා පුද්ගලයන් 700 ක් පමණ දායක වී සිටින අතර මෙම ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.