කොමියුනිස්ට් නායකත්වයෙන් ඩීව් ඉල්ලා අස්වෙයි

කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඩීව් ගුණසේකර ඉල්ලා අස්වෙයි

by Staff writer 30-08-2020 | 3:27 PM

 COLOMBO (News 1st) : ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඉල්ලා අස් වී තිබේ.

ඒ අද පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාවට කළ දැනුම්දීමකින් පසුවයි. ධූරයෙන් ඉල්ලා අස්වූ ඩිව් ගුණසේකර මහතා , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නව නායකත්වයට විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා යෝජනා කර තිබේ. පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, මධ්‍යම කාරක සභාව ඒකමතිකව එම යෝජනාව ස්ථිර කළ බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය වන ප්‍රධාන ලේකම් ධුරයට විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ අද පත්විය.