කම්පනය ගැන සොයන්න විශේෂඥ කණ්ඩායමක් මහනුවරට

කම්පනය ගැන සොයන්න විශේෂඥ කණ්ඩායමක් මහනුවරට

කම්පනය ගැන සොයන්න විශේෂඥ කණ්ඩායමක් මහනුවරට

කර්තෘ Staff writer

30 Aug, 2020 | 8:56 am

COLOMBO (News 1st): මහනුවර, තලාතුඔය පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඊයේ රාත්‍රියේ සිදුවූ කම්පනය සම්බන්ධයෙන්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ, සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ භූ විද්‍යා අංශ භාර නිල්මිණී තල්දෙන මහත්මිය ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසිනි.

මහනුවර, තලාතුඔය ආශ්‍රිත ප්‍රදේශ වලින් ඊයේ රාත්‍රී 8.30 ට පමණ කිසියම් කම්පනයක් සිදුවූ බව, ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළහ.

ඒ සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සඳහා පත්කළ විශේෂඥ කණ්ඩායම මේ වන විටත් මහනුවර ප්‍රදේශයට ගොස් ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]