ලෝරා සුළි කුණාටුවෙන් අමෙරිකානුවන් 14 ක් මරුට

ලෝරා සුළි කුණාටුවෙන් අමෙරිකානුවන් 14 ක් මරුට

by Staff writer 29-08-2020 | 2:06 PM

COLOMBO (News 1st) : ලෝරා සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිවාස ලක්ෂ 5 ක අධික සංඛ්‍යාවක් සඳහා විදුලිය ද විසන්ධි වූ බවයි. පත්ව ඇති තත්ත්වය සඳහා හදිසි මූල්‍ය ආධාර ලබාදෙන මෙන් ලුසියානා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා රජයෙන් ඉල්ලීම් කර තිබේ. පැයට කිලෝමීටර් 240 ක සුළං වේගයකින් කඩාවැදුණු ලෝරා සැලකෙන්නේ ලුසියානා ප්‍රාන්ත වැසියන් මෙතෙක් අත්දුටු ප්‍රභලතම සුළි කුණාටුවලින් එකක් ලෙසයි .