by Staff writer 29-08-2020 | 1:53 PM
COLOMBO (News 1st) : බ්ලැක් පැන්තර් චිත්‍රපටය හරහා ජනප්‍රියත්වයට පත් අමෙරිකානු නළු චැඩ්වික් බොස්මන් පිළිකාවක් හේතුවෙන් මියගොස් තිබේ.
මිය යනවිට 43 හැවිරිදි වියේ පසු වූ ඔහු සිය රෝගය පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කර තිබුණේ නැහැ.
ප්‍රකාශයක් නිකුත් කරමින් චැඩ්වික් බොස්මන්ගේ පවුලේ සාමාජිකයින් සඳහන් කළේ , සැබෑ සටන්කරුවෙක් වන චැඩ්වික් සියලු අභියෝග ඉදිරියේ නොපසුබට උත්සහයෙන් කටයුතු කළ බවයි .
ඔහු ප්‍රතිකාර ලබන අතරතුරද චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය ලබාදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.