by Staff writer 29-08-2020 | 5:49 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු අද හඳුනා ගැනිණ.
එම පුද්ගලයින් වන්නේ එක්සත් රාජධානියේ සහ ලෙබනන් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 4 දෙනෙකුයි.
ඔවුන් සියලු දෙනා මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා.
මේ අනුව මෙරට කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 2995 දක්වා ඉහළ ගොස් තිබේ.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 134 කි.
කොරෝනා රෝගීන් 6 දෙනෙකු අද සුවය ලැබීමත් සමග මෙරට කොරෝනා සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2849 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය.