ගම්මැද්ද ගෙයින් ගෙට අද සිට යළි ජනතාව අතරට..

ගම්මැද්ද ගෙයින් ගෙට පස්වන අදියර අද සිට ජනතාව අතරට..

by Staff writer 29-08-2020 | 7:00 AM

COLOMBO (News 1st) : ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතිය පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා එක්ව පස්වන වරටත් අද ආරම්භ වේ.

කළුතර , යාපනය හා මාතලේ යන දිස්ත්‍රික්ක තුනෙන් අද ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතිය ආරම්භ වේ. ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතියේ පස් වන අදියර ආරම්භ කිරීමට පෙර මහනායක හිමි වරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ඊයේ සිදු කෙරිණි. ගම්මැද්ද කණ්ඩායමේ ප්‍රධානීන් සහ පේරාදෙණිය විශ්වද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක, මහතා ඇතුළු නියෝජතයින් පිරිසක් ඊයේ පස්වරුවේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්හ. ඉන් අනතුරුව ගම්මැද්ද හා පෙරාදෙණිය විශ්වවිද්‍යාල නියෝජිත පිරිස අස්ගිරි පාර්ශයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියන්ගේ ආශිර්වාද ලබා ගත්තේ ය. දශකයක කාලයක් පුරා ගම්මැද්ද අඛණ්ඩව ක්‍රියාක්මක වෙමින් පවතී. ගම්මැද්ද ගෙයින් ගෙට ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2016 වසරේ සිටයි. ශ්‍රී ලංකාවේ 30000 කට අධික ගම්මානවල ජන ගැටලු සොයා යමින් ජනතාවට සවන් දී එම ජන ගැටලුවලට සංවේදී වෙමින් ගැඹුරු අධ්‍යනයක් කොට වාර්තා 04 ක් දැනටමත් ප්‍රකාශයට පත් කර තිබේ. ජනතාවට ඇති ප්‍රධාන ගැටලු ලෙස පානීය ජල ප්‍රශ්නය හා අලි මිනිස් ගැටුම ගැන අප 2016 සිට මේ වාර්තාවලින් පෙන්වා දුන්නේ ය. ජනතා ගැටලුවලින් සමන්විත වාර්තාව පදනම් කොට ගෙන ගම්මැද්ද ප්‍රජා ව්‍යාපෘති, අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා මෙම ගෙයින් ගෙට ව්‍යාපෘතිය අතිශයින් වැදගත් දත්ත රැසක් සපයයි. ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහනේ පස්වන අදියර අද සිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරා ක්‍රියාත්මක වනු ඇති.