සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කෙරේ..

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කෙරේ..

by Staff writer 28-08-2020 | 11:19 AM

COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 27 වැනිදා දක්වා පැවැත්වේ.

එම කාලය තුළ සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට 2021 ජනවාරි 01 වැනිදා සිට 18 දක්වා අධ්‍යයන නිවාඩු ලබා දීමට ද කටයුතු යොදා තිබේ. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු නැවත පාසල් ආරම්භ කිරීම 2021 වසරේ පෙබරවාරි 01 වැනිදා සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 2020 වසරේ අවසන් වාර නිවාඩුව දෙසැම්බර් 24 සිට ජනවාරි 01 වැනිදා දක්වා ලබා දීමට තීරණය කර තිබෙන අතර 2021 වසරේ නව පාසල් වාරය ඇරඹීම ජනවාරි 04 වැනිදා සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.