පාසල් ළමුන්ට කිරි වෙනුවට සහල් කැඳ වීදුරුවක්..

පාසල් ළමුන්ට කිරි වෙනුවට සහල් කැඳ වීදුරුවක්..

by Staff writer 28-08-2020 | 11:52 AM

COLOMBO (News 1st) - පාසල් ළමුන්ට දැනට ලබාදෙන කිරි වීදූරුව වෙනුවට දේශීය සහල් කැඳ වීදුරුවක් ලබාදීමට සැලසුම් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සූමේධ පෙරේරා මහතා සඳහන් කළේ සහල් කැඳ වීදුරුවක් ලබාදීම ඉතා හොඳ බව සෞඛ්‍ය බලධාරීන් තමන් දැනුවත් කර ඇති බවයි. ලේකම්වරයා සඳහන් කළේ රසායනික පොහොර භාවිතා නොකර කාබනික පොහොර භාවිතා කර අක්කර දස දහසක් පමණ වී වගා කර ඇති බවයි. එම සහල් වැඩි මිලට ගොවීන්ගෙන් මිලදී ගෙන පාසල් ළමුන්ට කැඳ වීදුරුවක් ලබාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේය.