by Staff writer 27-08-2020 | 1:26 PM
COLOMBO (News 1st) : නැගෙනහිර පළාත තුළ පුරා විද්‍යාත්මක උරුමයන් කළමනාකරණය සඳහා වන කාර්ය සාධක බලකායට මල්වතු අස්ගිරි පාර්ශවයන්ගේ නියෝජනයක් සහිතව නව සාමාජිකයින් සිව්දෙනෙකු පත්කර තිබේ.
ඒ, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනයකින් ය.
ඒ අනුව අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කමිටුවේ සාමාජිකයින් ලෙස පත්කර තිබේ.
මල්වතු පාර්ශවයෙන් පත්කර ඇත්තේ, එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් සහ කාරක සංඝ සභික ගෞරව ශාස්ත්‍රවේදී අඹන්වැල්ලේ ශ්‍රී සුමංගල හිමියන් ය.
මේ අනුව නැගෙනහිර පළාත තුළ පුරා විද්‍යාත්මක උරුමයන් කළමනාකරණය සඳහා වන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සංඛ්‍යාව 16 ක් වනු ඇති.