අලුවිහාරේට මාතලේ නගරාධිපති ධූරය දැරීම අත්හිටුවයි

ඩල්ජිත් අලුවිහාරේට මාතලේ නගරාධිපති ධූරය දැරීම අත්හිටුවයි

by Staff writer 27-08-2020 | 9:48 AM

COLOMBO (News 1st)  : මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඩල්ජිත් අලුවිහාරේ මහතාට මාතලේ නගරාධිපති ධූරය දැරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසන්නේ, ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය පත් කරන බවයි. මාස තුනක් ඇතුළත අදාළ වාර්තාව ලබාදෙන්නැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා නියෝග කර තිබේ. අදාළ නිලධාරිනියට පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පත් කරන ලද කොමිසමක බලය හිමි වේ. නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටු කිරීමට සහ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා පත් කර තිබේ.