by Staff writer 27-08-2020 | 9:55 PM
COLOMBO (News 1st) : ජූජ්‍ය ගලගොඩඅත්තේ ඥානාසාර හිමියන් මේ දිනවල යළිත් සංවාදයට ලක්ව ඇත්තේ අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අසුන පිළිබඳව මතුවූ අර්බුදයත් සමගයි.
උන්වහන්සේ අද NEWSLINE සමග එක්විය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි -දිස්ත්‍රීක්ක හතරක අපේ නාම යෝජනා අවලංගු වුණා.ඊට පස්සේ ඉල්ලීමක් තිබ්බා හාමුදුරුවෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න සූදානම් වෙන්න අපි ඒ කටයුත්ත කරන්නම් කියලා.
සුරංග සේනානායක - හැබැයි අපේ හාමුදුරුවන්ට තාමත් ලැබිලා නෑ අවස්ථාවක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න?
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි - ඇත්තටම තියෙන්නේ ලේකම් ධූරය ගැන ප්‍රශ්නයක්.එතකොට මේ රටේ මිනිස්සු ඡන්දේ දුන්නේ නෑනේ ගෝනි බිල්ලෙකුට හරි සැගවුණු අමුත්තෙකුට.ඇත්ත වශයෙන්ම කෙටියෙන් කියන්න තියෙන්නේ මන්ත්‍රී ධූරය හොරු අරන් ගිහින්.
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ අර්බූදය පිළිබඳ අදහස් දක්වමින් ඥානසාර හිමි පැවසුවේ, මෙය නොහික්මුණු පුද්ගලයෙකුගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බවත් මැතිවරණ කොමිසමේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවත් ය.
එක්තරා භික්ෂුවක් විසින් මෙම ප්‍රශ්නය නිර්මාණය කර ඇති බවත් කුමන්ත්‍රණයේ මුල සොයා ගැනීමට නොහැකිව සිටින බවත් ය.
සංශෝධන සිදු කරනවාට වඩා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ද ඥානසාර හිමි එහිදී අවධාරණය කළහ.
https://www.youtube.com/watch?v=C5dIPqvh65s