by Staff writer 27-08-2020 | 8:44 PM
COLOMBO (News 1st) : ඉතා වටිනා සංවේදී පරිසර පද්ධති විනාශ කිරීම පිළිබඳව පසුගිය දිනවල අප වරින් වර වාර්තා කළේ ය.
පුත්තලම ආනවිලුන්දාව තෙත් බිමේ මුතු පන්තිය ප්‍රදේශයේ සිදුවන පරිසර විනාශයක් පිළිබඳවයි මේ අනාවරණය.
එහි මුතු පන්තිය ප්‍රදේශයේ අක්කරයක පමණ භූමියක් මේ වනවිට විනාශකර තිබේ.
වසර පුරා හෝ මාස කිහිපයක් ජලයෙන් යටවී පවතින ජලයෙන් සංතෘප්ත වූ පසක් සහිත විල්ලු , වඟුරුබිම් මෙන්ම ගලායන හෝ නිසලව පවතින මිරිදිය , කරදිය හෝ කිවුල් දිය සහිත ප්‍රදේශ තෙත් බිම් ලෙස හැඳින්වේ.
1971 වසරේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රම්සා නගරයේ පැවති සමුළුවකදි මේ පිළිබඳ ව ගෝලීය අවධානය යොමුවූ අතර එහිදී ජාතීන් 21 ක් මේ වටිනා පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සදහා රම්සා සම්මුතියට අත්සන් කළේ ය.
අනවිලුන්දාව වැව් පද්ධතිය රම්සා සම්මුතියට අනුව ප්‍රකාශයට පත්කළ තෙත්බිමකි.
බුන්දල ජාතික උද්‍යානය , මාදුගග පරිසර පද්ධතිය , කුඩුම්බිගල, කුමන ජාතික උද්‍යානය , වන්නක්කලෙයි තෙත් බිම, විල්පත්තුව ජාතික වනෝද්‍යානය තවත් එවැනි රම්සා තෙත්බිම් කිහිපයකි.
මෙරටින් වදවී යාමේ තර්ජනයට ලක්වු දේශිය මත්ස්‍ය විශේෂ රැසක් මෙන්ම පක්ෂී විශේෂ රැසක් මේ පරිසර පද්ධතිවලදී දැකිය හැකියි.
සැවුල් පෙද දිය සෑනා, කරවැල් කොකා, කණ කොකා, මහා ඇලි කොකා, කුඩා ඇලි කොකා වැනි පක්ෂි විශේෂ මෙන්ම දේශීය වශයෙන් වදවීමේ තර්ජනයට ලක්වු වතරතු මල්කොහා වැනි පක්ෂින් හා උරග විශේෂ ඒ අතර වේ.
එතරම් සුවිශේෂී වැදගත්කමක් ඇති ආනවිලුන්දාව රම්සා තෙත් බිම මේ වනවිට පරිසරයට හදි කරන සහචරයින් පිරිසකගේ ග්‍රහණයට නතුවී තිබේ.
වන සංරක්ෂන දෙපාර්තමේන්තුව යටතේ ඇති මෙම තෙත් බිමේ මුතු පන්තිය ප්‍රදේශයේ අක්කරයක පමණ ප්‍රදේශයක් මුළු මනින්ම ඩොසර් කර අවසන් ය.
ඒ අදාළ භූමි ප්‍රදේශයේ කඩොලාන ශාක ප්‍රතිශ්ඨාපනය කිරීම සඳහා වූ මූලික සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් කරමින් තිබියදීයි.
අදාළ භූමි ප්‍රදේශය මෙලෙස ඩොසර් කර තිබෙන්නේ ඉස්සන් වගා කිරීම සඳහා පොකුණක් සකස් කිරීමට බව මේ වන විට ආනාවරණය කර ගෙන තිබුණත් , එය සිදූවුයේ කාගේ අනුදැනුම මතදැයි තවමත් ප්‍රශ්නාර්ථයකි.
මේ පිළිබඳව ආනවිලුන්තාව තෙත්බිම් භාරව කටයුතු කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවා නොදැන සිටීම මවිතය දනවන තවත් කරුණකි.
අප වාර්තාකරු මෙම ස්ථානයට යන විට ශ්‍රී ලංකා ජල ජීවි සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය නිළදාරියෙකුද එම ස්ථානයට පැමිණ සිටියේ ය.
https://business.facebook.com/NewsfirstSL/videos/1049144258836723/