හෙරොයින් ජාවාරම් කළ අඹු සැමි යුවලකට වැඩ වරදී

හෙරොයින් පැකට් කරමින් සිටි අඹු සැමි යුවලක් පිළියන්දලදී අත්අඩංගුවට

by Staff writer 26-08-2020 | 11:30 AM

COLOMBO (News 1st) -හෙරොයින් පැකට්වලට අසුරමින් සිටි අඹු සැමි යුවලක් පිළියන්දල, සුවාරපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සිය නිවස තුළ ඔවුන් එලෙස හෙරොයින් පැකට් කර ඇති බවයි. සැකකරු හා සැකකාරිය සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 75ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. 39 හා 43 හැවිරිදි සැකකරු හා සැකකාරිය කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.