සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

by Staff writer 26-08-2020 | 4:43 PM
COLOMBO (News 1st): අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීම අද (26) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මෙම අවස්ථාවට එක්ව සිටියහ.