ඇමතිවරු 70ක් නිල නිවාස ඉල්ලුම් කරයි

කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 70ක් නිල නිවාස ඉල්ලුම් කරයි

by Staff writer 26-08-2020 | 10:56 AM

COLOMBO (News 1st) - නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 70 දෙනෙකු රජයේ නිල නිවාස ඉල්ලුම් කර ඇතැයි, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කළේ, ඔවුන්ට ලබා දීම සඳහා අමාත්‍යාංශය සතුව ඇත්තේ නිල නිවාස 30 ක් පමණක් බවයි. ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාව, දුර ප්‍රමාණය හා ප්‍රමුඛතාව පදනම් කරගනිමින්, ඒවා ලබා දීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, 70 දෙනෙකුට නිල නිවාස ලබා දීමේදී පවතින තත්ත්වය යටතේ, අමාත්‍යාංශය දැඩි දුෂ්කරතාවයකට පත්වන බවද, ලේකම්වරයා සඳහන් කළේය.