by Staff writer 26-08-2020 | 9:40 AM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ විජේරාමේ පිහිටි නිවසට අද උදෑසන පැමිණියේය.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට කැඳවීමක් කර තිබුණි.
එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණෙන ලෙස හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබූ බවයි.
මීට පෙර හිටපු අමාත්‍යවරුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක් මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබේ.