by Staff writer 25-08-2020 | 5:37 PM
COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වේලේවත්තේ සම්පත් වැල්ලම්පිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු වන කුඩු රෝෂාන් නමැත්තාගේ සමීපතමයෙකු බවයි.
සැකකරු සතුව තිබි හෙරොයින් ගෑම් 5 යි මිලිගෑම් 600 ක් සැකකරු සන්තකයේ තිබි සොයා ගත් බව පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ ය.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.