රාජ්‍ය අමාත්‍යාංශ 35කට ලේකම්වරු පත් කෙරේ

රාජ්‍ය අමාත්‍යාංශ 35කට ලේකම්වරු පත් කෙරේ

by Staff writer 25-08-2020 | 8:55 AM

COLOMBO ( News 1st ) : රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා ලේකම්වරු පත් කර තිබේ.

ඒ අනුව එම ලේකම්වරුන්ගේ නම් මෙසේය. 01. මුදල් හා ප්‍රාග්ධන වෙළදපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය - ආර් එම් රත්නායක මහතා 02. සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - නීල් බණ්ඩාර හපුහින්න මහතා 03. ජාතික උරුම ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශීල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය - එස් ටී කොඩිකාර මහතා 04. ග්‍රාමීය නිවාස හා ඉදිකිරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා. 05. වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය - ඩී පී ජී කුමාරසිරි මහතා 06. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරත්තාපන රාජ්‍ය අමාත්‍යාංශය - පී සී කරුණාරත්න මහත්මිය 07. කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය - කේ එම් එස් ඩී ජයසේකර මහත්මිය 08. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - ආචාර්ය එම් උපාලි සේදර මහතා 09. නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය - එන් එච් එම් චිත්‍රානන්ද මහතා. 10. දහම්පාසල් භික්ෂූ අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය - එස් එච් හරිස්චන්ද්‍ර මහතා 11. ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය - කේ ආර් උඩුවාවල මහතා 12. දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය අමාත්‍යාංශය - ඒ කේ ඩබ්ලිව් ඩබ්ලිව් එම් එන් කේ වීරසේකර මහත්මිය. 13. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය - එස් අරමෛනායගම් මහතා 14. වනජිවී රැකවරණය අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරිම හා වන සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය - ඩබ්ලිව් පී පී ප්‍රනාන්දු මහතා. 15. වී හා ධාන්‍ය කාබනික ආහාර එළවළු පළතුරු මිරිස් ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය - එල් එල් ඒ විජේසිරි මහතා 16. පොහොර නිෂ්පාදන සැපයුම් රාසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය - එම් එන් රණසිංහ මහතා 17. පශූ සම්පත් ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය - එස් සේනනායක මහතා. 18. මහවැලි කලාප ආශ්‍රීත ඇළවෙළී හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - ඩබ්ලිව් පී පලුගස්වැව මහතා 19. ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රීත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - ඩී වී ආරියරත්න මහතා 20. ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - එස් ඩී ඒ බී බොරලැස්ස මහතා 21. විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍යය හා ඉස්සන් ඇති කිරිම ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයනය රාජ්‍ය අමාත්‍යාංශය - ජයන්ත සෝමචන්ද්‍ර මහතා 22. සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේවතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - ජේ එම් තිලකරත්න බණ්ඩා මහතා 23. පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රීත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය - තිස්ස හේවාවිතාන මහතා 24. උක් බඩඉරිඟු කජු ගම්මිරිස් කුරුදු කරාබුනැටි බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - ඩී එල් පී ආර් අබේරත්න මහතා 25. ග්‍රාමීය හා ප්‍රාදේශිය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - එස් ජී විජේබන්දු මහතා 26. සුර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධණ රාජ්‍ය අමාත්‍යාංශය - කේඑච් ඩී කේ සමරකෝන් මහතා 27. ගුදම් පහසුකම් බහාලුම් අංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - ඩී ඩී මාතරආරච්චි මහතා 28. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය - මහාචාර්ය රංජිත් දිසානායක මහතා 29. වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මොටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය - එස් එම් ඩී එල් කේ ද අල්විස් මහතා 30. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධණ රාජ්‍ය අමාත්‍යාංශය - කේඑච් රවීන්ද්‍ර සමරවික්‍රම මහතා 31. ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - එන් දේවසුරේන්ද්‍ර මහතා 32. සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය - කේ ඩි එස් රුවන්චන්ද්‍ර මහතා 33. බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය - ආර් සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය 34. වේවැල්, පිත්තල , මැටි ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - බී වී බණ්ඩාරනායක මහතා 35. තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තිය සංවර්ධණ රාජ්‍ය අමාත්‍යාංශය - ඒ සේනනායක මහතා

රාජ්‍ය අමාත්‍යාංශ 35කට පත්කළ ලේකම්වරුන්ගේ ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය