by Staff writer 25-08-2020 | 7:00 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද පස්වරුවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා හමුවී තිබේ.
කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පැවති මේ හමුවේදී 13 වන සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා පැවසී ය.
ඔහු පැවසුවේ, මෙම සංශෝධන සිදුකිරීමේදී සුළුතර ජනතාවට ඇතිවිය හැකි හානි පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි.
එවැනි හානි සිදුනොවීමට ඉන්දියාවේ දායකත්වය අවශ්‍ය බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉන්දීය මහකොමසාරිස්වරයාට දන්වා තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තමන්ට ගතහැකි ක්‍රියාමාර්ගය ගන්නා බව එහිදී මහකොමසාරිස්වරයා කියා සිටි බව නසීර් අහමඩ් මහතා පැවසී ය.
මේ අතර ඉන්දියාවේ සිට මඩකලපුවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා මඩකලපුව ගුවන් තොටුපොළ පුළුල් කිරීමට සහය වන්නැයි, මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ.
මීට අමතරව ඔවුන් ඉල්ලා ඇත්තේ මඩකලපුවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසයි.
මෙම සාකච්ඡාව පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පැවසුවේ, ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව අවධානය යොමුකළ බවයි.
අසල්වැසියාට මුල් තැන යන සංකල්පය මත සාමය හා සංවර්ධන කටයුතුවලට ඉන්දියාව දායකත්වය ලබාදෙන බව ඔහු සඳහන් කර තිබේ.