by Staff writer 25-08-2020 | 10:46 AM
COLOMBO ( News 1st ) : තණමල්විල - වැල්ලවාය මාර්ගයේ නෙළුවාය හන්දියේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
එලෙස මිය ගියේ සෙවනගල ප්‍රදේශයේ පදිංචි 17 සහ 19 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.