by Staff writer 25-08-2020 | 1:52 PM
COLOMBO ( News 1st ) : ජංගම දුරකතන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකතන සේවා සපයන්නා වෙනස් කිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබේ.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා පැවසුවේ පාරිභෝගිකයින්ට අවශ්‍ය වන පරිදි තම ජංගම දුරකතන සඳහා භාවිත කරන සිම් කාඩ්පත වෙනස් කිරීමකින් තොරව සිය සේවා දායකයා පමණක් වෙනස් කිරීමට හැකි වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත වන බවයි.
ඊට අදාළ මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවලදී දුරකතන සමාගම් මීට සහයෝගය පල කළ බව ද ඔහු පැවසුවේ ය.