TNA සාකච්ඡාවට ආණ්ඩුවෙන් විවේචන..

TNA සහ ඉන්දීය මහකොමසාරිස් අතර සාකච්ඡාවට ආණ්ඩුවෙන් විවේචන..

by Staff writer 24-08-2020 | 8:28 PM

COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් ගැන යළිත් සංවාදයක් ඇතිවී තිබේ.

ආණ්ඩුව පවසන පරිදි 19 වන සංශෝධනයේ වෙනස්කම් සිදුකිරීම සේම අලුත් ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කිරීමටත් ආණ්ඩුව සූදානම්. පසුගිය සිකුරාදා දෙමළ ජාතික සන්ධානය මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා සමග පැවති හමුවෙන් අනතුරුව ඉන්දියාවේ උන්නදුව නැවතත් ප්‍රකාශ වුණේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සිදුකළේ ඉන්දු - ලංකා ගිවිසුමේ ඇතිකරගත් එකගතාවලින් පසුවයි. මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිකළ පළාත් සභා සියල්ල මේ වනවිට පවතින්නේ අකර්මණ්‍ය තත්ත්වයේය. යහපාලන ආණ්ඩුව පළාත් සභා ඡන්ද විමසීම ගැන කළ නීති වෙනස්කම් නිසි ආකාරයෙන් සම්පූර්ණ කරගත නොහැකිවීම නිසා ඡන්දය පැවැත්වීමට තවමත් නොහැකිවී තිබේ. පසුගිය සිකුරාදා කොළඹදී ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා හමුවූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු පිරිස මේ පිළිබඳව සාකච්ඡා කර තිබුණි. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ හමුවෙන් පසුව නිකුත්කළ ට්විටර් පණිවිඩයකින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ සිය දිගුකාලීන ස්ථාවරය නැවත අවධාරණය කළේය.   https://www.facebook.com/NewsfirstSL/videos/646273929637355/