by Staff writer 24-08-2020 | 9:05 PM
COLOMBO (News 1st) -දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට භාර දී තිබේ.
අදාළ වාර්තාව හෙට විෂයභාර අමාත්‍යවරයාගේ විමර්ශනයට ලක්කිරීමට නියමිත අතර, අනිද්දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය 17 වැනිදා සිදුවූ විදුලිය බිඳ වැටීමේ සිද්ධියට අදාළව පරික්ෂණයක් සඳහා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කමිටුවක් පත් කළේය.
ඒ, මහාචාර්ය රාහුල අතලගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.
09 දෙනෙකුගෙන් සමන්විත වූ අදාල කමිටුවේ වාර්තාව මෙලෙස විෂය භාර අමාත්‍යවරයාට භාර දී තිබුණේ අද පස්වරුවේදීය.