by Staff writer 24-08-2020 | 8:33 PM
COLOMBO (News 1st) - 19 වෙනස් කරන ආකාරය ගැන ආණ්ඩුව දැන් සාකච්ඡා කරමින් සිටී.
අද මහාචාර්ය ජී.එල් පීරිස් අමාත්‍යවරයා අනාවරණය කළ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා මේ වෙනස්කම්වලින් අහෝසි කිරීමට නියමිතය.
මේ ව්‍යවස්ථා වෙනස ගැන කතා කරද්දී 17, 18 සහ 19 යන ව්‍යවස්ථා වෙනස්කම් තුනම එක්කර සාකච්ඡා කළ යුතුයි.
ව්‍යවස්ථාවේ සිදුකළ 17 වන සංශෝධනයෙන් ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා ඇති කළේ ජනාධිපතිවරයාට විවිධ ආයතන හා තනතුරු සදහා පත්කිරීමට තිබූ අසීමිත බලය සීමා කිරීමටයි.
එහෙත් මේ සංශෝධනය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ අහෝසි වුණේ 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙනි.
18 න් ජනාධිපතිවරයාගේ ධුරය දැරිය හැකි වාර ගණන පවා වෙනස් කළේය.
18 න් දුර්වල වුණු ව්‍යවස්ථා සභාව සහ කොමිෂන් සභා නැවත ඇති කරමින් යහපාලන ආණ්ඩුව 19 වන සංශෝධනය සම්මත කර ගැනිණි.
19 න් මේ වෙනස්කම් වගේම ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 5 කට සීමාකළ අතර වාර ගණන 2 ක් දක්වා අඩු කළේය.
එමෙන්ම ජනාධිපතිවරයාට ඇමති තනතුරු දැරීම සීමාවූ අතර තොරතුරු දැනගැනීම ඇතුළු මූලික අයිතිවාසිකම් ශක්තිමත් කළේය.
විධායක ජනාධිපතිවරයාට නඩු පැවරීමට නොහැකි බවට වූ මුක්තිය මූලික අයිතිවාසිකම් සම්බන්ධ කරුණුවලදී අහිමි කිරීමටත් 19න් වගබලාගෙන තිබුණි.
19 තවත් විශේෂ කරුණක් වූයේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි කිරීමයි.
දැන් වත්මන් ආණ්ඩුව වෙනස් කිරීමට සූදානම් වන්නේ මේ සංශෝධනවලින් කිහිපයකි.
අද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අනාවරණය කළ ආකාරයට ජනාධිපතිවරයාගේ ධුර කාලය හා වාර ගණන වෙනසක් නොවේ.
එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කළ යුතු යැයි ඔවුන් තීරණය කර තිබේ.
කතානායකවරයා සභාපතිත්වය දරණ ව්‍යවස්ථා සභාවට අගමැතිවරයා, විපක්ෂ නායකවරයා නිල බලයෙන් ඇතුළත්ය.
ජනාධිපතිවරයා නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා යන දෙදෙනාම යෝජනා කර ජනාධිපතිවරයා පත් කරන 5 දෙනෙක්ද ව්‍යවස්ථා සභාවෙ නියෝජනය කරනු ලැබේ.
ඉන් තුන්දෙනෙක් පත්වන්නේ සිවිල් සමාජයෙනි.
අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා නියෝජනය නොකරන අනෙක් පක්ෂවලින් පත් කරන නියෝජිතයෙක්ද 19 වන සංශෝධනයට අනුව ව්‍යවස්ථා සභාවට ඇතුළත්ය.
ස්වාධීන කොමිෂන් සභා 9 කට සමාජිකයින් පත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අවශ්‍යයි.
අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයින්, නීතිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහලේකම්, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහකොමසාරිස් යන තනතුරු සදහා පත්කිරීම්වලට ජනාධිපතිවරයා මේ සභාවේ අනුමැතිය ලැබාගත යුතු වේ.
https://www.facebook.com/NewsfirstSL/videos/226472795418934/