by Staff writer 24-08-2020 | 10:57 PM
COLOMBO (News 1st) - ජනාධිපති කොමිසම හමුවේ අද පෙනීසිටි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මිග් ගනුදෙනුව පිළිබඳව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාවක් මත පසුගිය ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග දේශපාලන පළිගැනීමේ අරමුණින් සිදුකර ඇතැයි කියා සිටියේය.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමේ සිතාසි නොලැබුණු බවත්, එවැනි තත්වයක් තුළ තමාට එරෙහිව වරෙන්තු නිකුත් කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.
එහිදී සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ වරෙන්තු නිකුත් වී තිබූ කාලයේ කුමන රටක රැදී සිටියේද යන්නයි.
වීරතුංග මහතා සඳහන් කළේ තමන්ට වරෙන්තු නොලැබුණු නිසා යුක්‍රේනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි බවයි.
සාක්ෂිකරුගේ ලිපි ලේඛනවල ගැටලු ඇති බැවින් වැඩිදුර කරුණු විමසීම සැප්තැම්බර් 04 වැනිදා දක්වා කල් දැමීමට ජනාධිපති කොමිසම තීරණය කළේය.