ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක්

ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක් බියගමින්

by Staff writer 24-08-2020 | 3:52 PM

COLOMBO (News 1st) - ගෙල ප්‍රදේශය ආශ්‍රිත කැපුම් තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් බියගම, පේරගස්වත්ත - මල්වත්ත පාරේ නිවසක් තුළ තිබී අද පස්වරුවේ සොයා ගැනිණි.

පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 39 ක කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි. අදාළ කාන්තාව ගෙල කපා ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, අද පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබද විමර්ශන ආරම්භ කළ බවයි.