by Staff writer 24-08-2020 | 5:09 PM
COLOMBO (News 1st) : කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර භූමියේ වළ දමා තිබූ ජංගම දුරකතන 19 ක් අද සොයාගෙන තිබේ.
බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ දී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම ජංගම දුරකතන සොයා ගත් බවයි.
මෙලෙස සොයා ගැනුණු ජංගම දුරකතන අතර ස්මාර්ට් ජංගම දුරකතන 03 ක් ද වන බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඉටි බෑගයක බහා සුරක්ෂිතව ඇසුරුම් කර මෙම ජංගම දුරකතන වළා දමා තිබූ බවයි.