විදුලි බිඳවැටීම: කමිටු වාර්තාව අද ඇමතිට

විදුලි බිඳවැටීම ගැන විමර්ශනය කළ කමිටුවේ වාර්තාව අද ඇමති ඩලස්ට

by Staff writer 24-08-2020 | 6:30 AM

COLOMBO ( News 1st ) : හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුවේ වාර්තාව අද විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාරදීමට නියමිතව තිබේ.

දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන ක්‍රියාත්මක බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ය.