by Staff writer 23-08-2020 | 2:52 PM
COLOMBO (News 1st) : රටවල් 4 ක රැදී සිටි ලාංකිකයින් 412 දෙනෙකු අද අලුයම කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළවලින් මෙරටට පැමිණි තිබේ.
ඒ, ඔස්ට්‍රේලියාව, ඩුබායි, දෝහා කටාර් , ඉන්දියාවේ සහ ඔස්ට්‍රේලියාවේ සිට ය.
ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට කටයුතු කළ බව යුද හමුදාව සඳහන් කළේ ය.
නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 161 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව සඳහන් කළේ ය.
නිරෝධායනය අවසන් කර ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 31, 173 කි.
යුද හමුදාව සඳහන් කළේ, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන 52 ක පුද්ගලයින් 7,304 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි.
ඊයේ දිනය තුළ සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1710 කි.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 202,907 ක් බව යුද හමුදාව පැවසුවේ ය.