by Staff writer 23-08-2020 | 9:28 PM
COLOMBO ( News 1st ) : සංවිධානාත්මක අපරාධ ක්‍රියා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීම සඳහා රට පුරා ආරක්‍ෂක අංශ දියත් කර ඇති මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස පොලීසියට හා ත‍්‍රස්ත විමර්ශන ඒකකයට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන ඊරිගම රාජපක්ෂ ගෙදර ආනන්ද සිල්වා නොහොත් 'යකා සම්පත්' නමැති සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනීමට හැකි විය.
ඒ, බත්තරමුල්ල, සුභුතිපුර ප‍්‍රදේශයේ දී ය.