මොරටුව වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම මේ වසරේ සිට

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම මේ වසරේ සිට

by Staff writer 23-08-2020 | 1:43 PM

COLOMBO (News 1st) - මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මේ වසරේ සිට සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, කළුතර, නාගොඩ මහ රෝහල ආසන්නයේ නව පීඨය පිහිටුවන බවයි. ඒ සඳහා ඉඩමක් ද හඳුනා ගෙන ඇති අතර එහි ස්ථීර ගොඩනැගිලි ඉදි කෙරෙන තෙක් රජයේ පරිශ්‍ර කිහිපයක වෛද්‍ය පීඨ සිසුන්ගේ දේශන පැවැත්වෙන බව ද ඔහු කියා සිටියේය. පළමු කණ්ඩායමට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 70කි. 2019 වසරේ උසස් පෙළ සමත් සිසුන්ගේ ප්‍රතිඵල මත එම පිරිස තෝරා ගැනෙනු ඇති. මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ, වෛද්‍ය පීඨයේ සිසුන්ගේ සායනික පුහුණුව කළුතර මහ රෝහලේදී සිදු කෙරෙන බවයි. ඒ සඳහා එහි පහසුකම් සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය සමග ඒකාබද්ධව සිදු කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.